LK reports news sinhala

හෙරොයින් කිලෝ 192 ක් හා ගිනි අවි සමග පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

බණ්ඩාරගම ප්‍රදේශයේ දී බස්නාහිර උතුර විශේෂ විමර්ශන ඒකකය විසින් අද(30) උදෑසන සිදු කළ වැටලීමකදී හෙරොයින් තොඟයක් සහ ගිනි අවි සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 192ක ප්‍රමාණයක් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවි 10ක්, මැගසින් 19ක් මෙලෙස පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් සම්බන්ධයෙන් බස්නාහිර උතුර විශේෂ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *