උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන හා බෞද්ධ සිද්ධස්ථානවල සීමා මායිම් නිසි පරිදි සලකුණු කර එම ස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ පිරිසක් සමග ඊයේ (13) පැවති හමුවකදීයි.
මෙරට බුද්ධ ශාසනය මුහුණ පා තිබෙන ගැටලු සම්බන්ධයෙන් එහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර මුහුදු මහා විහාරය, යාපනයේ ඓතිහාසික සිද්ධස්ථාන, ඩෙල්ෆ් දූපතේ පෞරාණික චෛත්‍ය ,මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය සහ අනෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථාන වල අනාරක්ෂිත භාවය පිළිබඳව පුරාවිද්‍යාත්මක නිලධාරීන් සමග සාකච්ඡාකර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා වෙත මෙහිදී උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.