උත්තර දේවී ගෝඨා අතට

ආබාධිත සෙබළුන්ට දිවි ඇතිතෙක් වැටුපක් ලබාදීම ඉදිරි රජයකින් අපේක්ෂා කරන බවත් රටේ ජනතාවගේ ආරක්ෂාව සැලසිය හැකි පාලනයක් ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ තමා විසින් රචිත ‘උත්තර දේවී’ කෘතිය එළි දැක්වීමේ උත්සවයට එක් වෙමිනි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී කමල් ගුණරත්න මහතා විසින් ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට විශේෂ සමරු තිළිණ ‍ප්‍රදානයක් ද සිදු කරන ලදි.
කමල් ගුණරත්න මහතා විසින් රචිත උත්තර දේවී කෘතිය කළු ජූලියේදී සිය දේපළ විනාශ වූ ද්‍රවිඩ ජාතික තරුණියක් පසුව යාපනයට ගොස් ගතකරන ජීවිතයක් සම්බන්ධ සත්‍ය සිදුවීමක් අළලා රචනා කරන ලද්දකි.
මීට පෙර ඒ මහතා විසින් ලියන ලද යුද ජයග්‍රහණයේ සත්‍ය කතාව ‘ රණමග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය වාර්තා තබමින් අලෙවි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *