කොවිඩ්

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 309 දෙනා ගැන තොරතුරු

ඊයේ (23) දිනයේදී මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය අසාදනය වූ සමස්ත ආසාදිතයින් 309 දෙනාගෙන් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ වූ පිරිස් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් වාර්තා වූ ආසාදිතයින් 188 දෙනා ගෙන් 79 දෙනෙකු කොළඹ ප්‍රදේශයෙන්ද, කැලණිය ප්‍රදේශයෙන් 53ක්, වත්තල ප්‍රදේශයෙන් 09ක්, කඩුවෙල ප්‍රදේශයෙන් 06ක්, දෙමටගොඩ ප්‍රදේශයෙන් 15ක්, කඩවත ප්‍රදේශයෙන් 07කඩි, කිරිබත්ගොඩ 03ක්, මොරටුව ප්‍රදේශයෙන් 03ක්, කොටහේන ප්‍රදේශයෙන් 04ක් සහ වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වී තිබේ.

කොළඹ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 31ක් දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අතරින් කොළඹින් 14ක්, කොටහේන ප්‍රදේශයෙන් 07ක්, මුල්ලේරියාව 04ක්, ග්‍රෑන්ඩ්පාස් 04 ක්, බ්ලුමැන්ඩල් හා දෙහිවලින් ආසාදිතයින් 2 ක් වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වී ඇති අතර එම ආසාධිතයින්ගෙන් ගම්පහ ප්‍රදේශයෙන් 08ක්, වත්තල 02ක්, රාගම 01ක්, මිනුවන්ගොඩ 14ක්, දිවුලපිටිය 05ක් සහ කටුනායක 10ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 14ක්, අනුරාධපුර 02ක්ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 09 ක්ද වාර්තා වේ. මාතරින් වාර්තා වන්නේ එක් ආසාධිතයකු පමණි.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ ආසාදිතයින් ගණන 24ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *