කොවිඩ්

ඊයේ දිනයේ කොවිඩ් ආසාධිතයින් 541ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 261ක් ඊයේ (26) සවස වාර්තා වීමත් සමගම ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව 541ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ සවස වාර්තා වූ ආසාදිතයින් 261 දෙනාගෙන් 27 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 234 දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයෙන් වාර්තා වූ පළමු ආසාදිතයින් බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ දිනය වන විට මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 4,939ක් දක්වා ඉහළ ගිය අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8413ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *