ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 10න් 9ක්ම නාවික හමුදා සාමාජිකයින්

ඊයේ (15) දිනයේ මෙරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයින් 10 දෙනා අතරින් 09දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බවට යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පවසන්නේ එම ආසාදිතයින් 10න් 09දෙනෙක්ම අපගේ වීරෝදාර නාවික හමුදා රණවිරුවන් බවත් අනිත් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයකු ඇසුරු කළ ඥාතී පුද්ගලයෙක් බවත්ය.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 935 දෙනෙකු වන අතර එම වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 477 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගිය ගොස් තිබේ. එමෙන්ම වෛරස ආසාදිත තවත් පුද්ගලයින් 449 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණයට යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *