Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඉන්ධන බෙදා හැරීම සම්බන්ධව ඇමතිවරයා අදහස් ප්‍රකාශ කරයි.

ඉන්ධන බෙදා හැරීම සම්බන්ධව ඇමතිවරයා අදහස් ප්‍රකාශ කරයි.

අද පෙරවරු 6.00 ට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලදී ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර බදාදා (29) පැවසීය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන බෙදා හැරීම සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව අඛණ්ඩව සහය ලබාදෙන බවයි.

“ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ තිබෙනවා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඇනවුම් කර නොමැති බව අවධානයට ලක්ව තිබෙනවා,” ඔහු අනාවරණය කළේය.

ඒ අනුව ඇනවුම් කර අවශ්‍ය අවම තොග පවත්වාගෙන යන ලෙස අමාත්‍ය කාංචන විජේසේකර ඉන්ධන පිරවුම්හල් ක්‍රියාකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඉන්ධන හිඟය සම්බන්ධයෙන් කලබල නොවන්නැයි ඊයේ ජනතාවගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

සේවක සේවිකාවන්ට රාජකාරියට පැමිණීමට වෘත්තීය සමිති විසින් බාධා කිරීම හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමාදයක් සිදුව ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ අනාවරණ කර තිබුණා.

තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇති බව සඳහන් කළ ඔහු, ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග ඇති බවට සහතික වෙමින් පර්යන්තවල සහ බෙදා හැරීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂාව සපයන බව පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *