Indian FM arrives in Sri Lanka

ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් දින 02ක නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු ප්‍රභූන් හමුවීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සමඟ සම ලේකම් (අයිඕආර්) පුනීත් අග්‍රවාල්, අධ්‍යක්ෂ සන්දීප් කුමාර් බයියාප්පු, නියෝජ්‍ය ලේකම් (ශ්‍රී ලංකා) නිධි චෞද්‍රි සහ නියෝජ්‍ය ලේකම් රඝූ පූරි යන මහත්වරු ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහභාගි වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *