ඉන්දියාවේ සහයට ගූගල් සහ මයික්‍රොසොෆ්ට් යන ආයතන ඉදිරිපත් වේ

සීග්‍ර කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසරණවී සිටින ඉන්දියාවට ආධාර ලබාදීම සදහා ගූගල් සහ මයික්‍රොසොෆ්ට් ආයතනයද එක්ව ඇත. ඉන්දියාව මුහුණපා සිටින ඔක්සිජන් හිඟය පියවා ගැනීම ඇතුළු හදිසි වෛද්‍ය ආධාර සැපයීම සදහා සිය සහාය ලබාදෙන බව ඉන්දියාවේ උපත ලැබූ පුද්ගලයෙකු වන ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ප්‍රකාශ කර ඇත.

ඒ සදහා සිය සමාගම ඉන්දීය රුපියල් බිලියන 1.35ක මුදලක් වෙන් කර ඇති බවද ගූගල්  ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සදහන් කර ඇත. මේ අතර මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී සත්‍ය නාඩෙල්ලා පවසා ඇත්තේ ඉන්දියාවේ වර්තමාන තත්ත්වය ගැන තමන් කම්පාවට පත් වන බවයි. ඉන්දියාවට සහන සැලසීම සදහා මයික්‍රොසොෆ්ට් ආයතනය සිය සම්පත් සහ තාක්‍ෂණය දිගටම භාවිත කරන බවත් ඔක්සිජන් මිලදී ගැනීමට අවශ්‍ය සහය දෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *