ඉන්දියාවේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයෙකු මරණයට පත්වී තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ඉන්දියාවේ සිදුවූ පළමු මරණය ඊයේ (12) වාර්තා වුණා. මෙසේ මියගිය පුද්ගලයා 76 හැවිරිදි කර්නාටක වැසියෙකු වේ.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා වලට අනුව එම පුද්ගලයා ජනවාරි 29 සිට පෙබරවාරි 29 දක්වා සෞදි අරාබියේ සංචාරය කර පැමිණි අයෙකු බව සදහන්.
එමෙන්ම දැනට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන් සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බවටත් වාර්තා වේ.