ඉන්දියාවේ ඔක්සිජන් හිඟයක් – රෝගීන් පෝලිම් වල මිය යයි.

කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ රෝහල් පද්ධතිය පාලනයෙන් ගිලිහෙමින් ඇති බව වාර්තා වේ.  ඉන්දියාවේ සියලු රෝහල් පාහේ මේවනවිට රෝගීන්ගෙන් පිරී ඇති අතර, ඒ අතරින් නවදිල්ලි අගනුවර රෝහල් 06 ක පමණ ඔක්සිජන් සැපයුම මේවනවිට සම්පූර්ණයෙන් බිඳවැටී ඇත.

ඔක්සිජන් ලබාදෙන තෙක් රෝහල්වල පිටත පෝලිම්වල රඳවා සිටින රෝගීන් රැසක් එම ස්ථානවලම මියයන බව වාර්තා වේ. නවදිල්ලි අගනුවර පිහිටි රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි ඇඳන් සියයට 99 ක්ම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර කෙසේවෙතත් රෝහල්වලට ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත්, ආසාදිතයින් රැසක් තවදුරටත් මියයනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *