Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ඉන්දියාවෙන් හතරෙන් තුනක් වසා දැමීමට සෞඛ්‍ය නිර්දේශ

ඉන්දියාවෙන් හතරෙන් තුනක් වසා දැමීමට සෞඛ්‍ය නිර්දේශ
මේවනවිට ඉන්දියාවේ දිස්ත්‍රික්ක 718 න් හතරෙන් තුනකම කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අනුපාතය සියයට 10 ඉක්මවා ඇතැයි එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ ප්‍රධානී බල්රාම් භාර්ගවා පවසයි.

ඒ අනුව එලෙස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන සියලු දිස්ත්‍රික්ක වහාම අගුලු දැමීමකට ලක් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

දිස්ත්‍රික්ක එලෙස වසා දමනවා නම් ඒ සති 06 කට හෝ 08 ක කාලසීමාවකට යටත්ව සිදුකළ යුතු බවත් ඔහු පෙන්වා දුනි.

කොරෝනා වෛරසයයේ ව්‍යාප්තිය හමුවේ දරුණු තත්ත්වයකට මුහුණ පා ඇති ඉන්දියාවෙන් වැඩි කොටසක් වසා දැමිම යුතු බවට ඉන්දීය රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින්ම පැවසූ පළමු අවස්ථාව මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය රජය සමස්ථ ඉන්දියාවම වසා දැමීම මේවනතුරු ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ එලෙස රටම අගුළු දැමුවහොත් ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වන බව පවසමිනි.

පවතින තත්ත්වය අනුව අගුළු දමනවාද නැතහොත් සංචරණ සීමා පනවාද යන්න සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලතල ප්‍රාන්ත රජයන්ට පැවරීමට මෝදි රජය පියවර ගෙන ඇත.

කෙසේවෙතත් ඉන්දියාව තුළ මේවනවිට පවතින කොවිඩ් වසංගත තත්ත්යට හමුවේ රටින් වැඩි කොටසක් සම්පූර්ණයෙන් වසා දැමිය යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන්ගේ මතයයි.

ගතවූ පැය 24 දී ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් තුන් ලක්ෂ හැට දෙදාහක් ක් වාර්තා වුණි.

එම කාලය තුලදී වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4120 ක්.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *