ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් ඇගේ දරු දෙදෙනාද සමඟින් සෞඛ්‍ය අංශ විසින් අද සොයාගෙන නිරෝධායනය කර ඇත.
අදාළ කාන්තාව සමඟ ඉන්දියාවේ සිට පැමිණි බව පැවසෙන තවත් කාන්තාවක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නැත.
ඉන්දියාවේ චෙන්නායි කුප්පම් හි සිට අදාළ කාන්තාව ධීවර යාත්‍රා මගින් ඊයේ අලුයම මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිට තිබේ.
ඒ වයස අවුරුදු 14 ක් සහ 4 ක් වූ සිය දරු දෙදෙනාද සමඟින්ය.
සෞඛ්‍ය අංශ පැවසුවේ අදාළ කාන්තාව සහ දරු දෙදෙනාට රැකවරණය ලබාදුන් සහ ඔවුන් ඇසුරු කළ ප්‍රදේශයේ පවුල් 5ක පුද්ගලයින් 26 දෙනෙකුද නිරෝධායනය කළ බවයි.
එමෙන්ම අදාළ කාන්තාව සහ දරු දෙදෙනා සමඟ ඉන්දියාවේ සිට තවත් කාන්තාවක් පැමිණි බවට වාර්තා වන නමුත් ඇය සිටින ස්ථානයක් තවමත් සොයාගෙන නොමැත.