ඉතාලියේ සිටින කොරෝනා වැළදුණු ශ්රී ලාංකික කාන්තාව සුවය ලබයි

කොරෝනා වෛරසය වැලදී ප්රතිකාර ලබමින් සිටි ඉතාලියේ සේවය කළ ශ්රී ලාංකික ගෘහ සේවිකාව මේ වන විට සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ඉතාලියේ මිලානෝ හි පිහිටි ශ්රී ලංකා කොන්සියුලර් කාර්යාලය සඳහන් කර සිටියේ එම කාන්තාව මේ වන විට ඇය සේවය කල ඉතාලියේ බ්රෙෂියා නගරයේ නිවසට යලි පැමිණ ඇති බවයි.
ඇයට කොරෝනා වෛරසය වැළදී තිබුණේ ඇය සේවය කළ නිවසේ හිමිකාරියගෙන් බවටයි වාර්තා වුයේ.
