LK reports news sinhala

ඇල්පිටියේ පරාජය නිහතමානීව බාරගන්නා බව එජාපය කියයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ පරාජය නිහතමානීව භාරගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අද(12) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා එසේ අදහස් පළ කළේය. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඇල්පිටියේ ප්‍රතිඵල පිළිගන්නා බවත්, මැතිවරණ ව්‍යපාරයේ ඇති යම් යම් කාරණා වඩාත් නිවැරදි කර ගෙන ඉදිරියට යෑමට කටයුතු කරන බවත්ය.

යම් යම් ගැටළු නිසා ලැබුණ ප්‍රතිඵලය නිහතමානිව බාර ගන්නා බවත් පැවසු අජිත් පී පෙරේරා මහතා, ඇල්පිටිය මෙන් කොට්ඨාස 330 ක් මේ රටේ ඇති බවත්, ඇල්පිටිය යනු ඒ 330න් එකක් බවත් පැවසීය. මෙහිදී අදහස් දැක්වු ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මැතිවරණ 4 දීම විශාල පරතරයකින් ඇල්පිටිය ජයග්‍රහණය කර ඇති බවයි. ඒ නිසා මෙය දේශපාලනය ගැන දන්නා අයෙකුට බරපතළ කාරණයක් නොවන බවත් පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, ඇල්පිටිය කියන්නේ රට නොවන බවත් පැවසීය. ඇල්පිටිය සමස්ත ඡන්ද ප්‍රතිඵලයට ආදේශ කළ නොහැකි බවත් නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වු කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසා සිටියේ, ඇල්පිටිය කොහොමත් අවාසි සහගත තත්ත්වයක් තිබූ බවයි. ඒ ගැන හොඳින් දන්නා බවත් ඒ හේතුවෙන් තවත් මහන්සි වී වැඩ කරන බවත් කියා සිටි අමාත්‍යවරයා,  තවත් ශක්තිමත්ව වැඩ කරන බවද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *