ඇමැති විදුර වික්‍රමනායක මහතාට වරෙන්තු

ඇමැති විදුර වික්‍රමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වරෙන්තු කර තිබෙනවා.

ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවකට ජනවාරි 14 වැනිදා අධිකරණයේ  පෙනී නොසිටීම හේතුවෙන්.

2018 වසරේ සිදුවූ පුද්ගලික සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට එරෙහිව බොරැල්ල පොලිසිය විසින් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *