ඇමති බන්දුලට හූ කියූ සැකකරුවෙකු අත්අඩංගුවට…

හෝමාගම පිටිපන හන්දිය අසල බුදු මැදුරකට මුල්ගල් තැබීමේ උත්සවයකට සහභාගි වෙමින් සිටි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට හූ කියූ පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

සැකකරු පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු ලොරි රථයකින් පිරිස පසුකරමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වෙත හූ කියමින් ධාවනය කර ඇත.

“කෙසේ වෙතත්, පොලිසිය කඩිනමින් ක්‍රියාත්මක වී සැකකරු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත්තා. ආගමික උත්සවයකට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුව දැන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *