ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඊයේ දිනයේ සොයාගත් කොවිඩ් ආසාධිතයින්ගේ තොරතුරු

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව නිර්මාණය වී ඇති කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1034 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (07) දිනයේ පමණක් එම පොකුරෙන් වාර්තා වු රෝගීන් 202ක් වේ.

එම රෝගීන් 202 අතුරින් රෝගීන් 199 දෙනෙකු අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් බවත්, අනෙක් ආසාධිතයින් තිදෙනා එම කාර්යාල මණ්ඩල සාමාජිකයින්ගේ ආශ්‍රිතයින් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *