ආසාධිතයින් 96 දෙනෙකු යොදා සිදුකළ පරීක්ෂණයෙන් කොරෝනා ගැන අනාවරණයන් රැසක්

චීනයේ, ෂෙජීයැන් ප්‍රාන්ත රෝහලක වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසය පිළිඹද නවතම තොරතුරු රැසක් අනාවරණය කර ගෙන තිබේ. ඒ අනුව කොරෝනා වෛරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුරු තුළ සති තුනක් තරම් කාලයක් පවතින බවටත් එවැනි රෝගීන්ගේ පෙණහලුවල මෙන්ම මළපහ තුළද ගැඹුරෙන් කොරෝනා වෛරසය සොයා ගත හැකි බවත් එය පවතින තාක් ඔවුන්ව රෝගීව සිටින බවටත් පර්යේෂණ කණ්ඩායම අනාවරණය කරගෙන ඇත්තේ.

ඉකුත් ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා රෝගීන් 96 දෙනෙක් යොදා ගනිමින් මෙම පරීක්ෂණ සිදුකර ඇත. එම පරීක්ෂණ වලදි රෝගීන්ගේ ගේ උගුර, නාසය, ශ්වසන පද්ධතිය, මළපහ සහ මුත්‍රා සාම්පල් පරික්ෂාවට ලක් කර ඇති අතර කොරෝනා වෛරසය කොපමණ කාලයක් මිනිස් සිරුරේ පැවතිය හැකි බවටද යන්න සහ එහි ව්‍යාප්තිය කුමන ආකාරයෙන් සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් අධ්‍යනය කර තිබේ.

ඉන් හෙළිවූ ප්‍රබලම කරුණක් වන්නේ රෝගී පුද්ගලයෙකුගේ මළපහ මගින් වෙනත් නිරෝගී පුද්ගලයෙකුට එය ආසාධනය විය හැකි බවටයි.

එමෙන්ම වෛරසය වැඩි කාලයක් පිරිමි පුද්ගලයින්ගේ ශරිරය තුල පැවතීමේ හැකියාවක් ඇති නිසා ඔවුන්ට බරපතල තත්ත්වයක් ඇති වන බවට සොයා ගෙන තිබේ. මේ තත්වයට කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් අතර ප්‍රතිශක්තිකරණ තත්ත්වයේ ඇති වෙනස්කම් සහ හෝමෝන මට්ටමද බලපාන බවට වැඩිදුරටත් සොයාගෙන තිබේ.

දරුණු රෝගී තත්ත්වයන් ගෙන් පෙලෙන පුද්ගලන්ගේ ශ්වසන පද්ධතියේ ගැඹුරුම කොටසෙ පවතින බවටද මෙහිදී අනාවරණය කරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *