Ayurvedic massage controversy

ආයුර්වේද සම්බාහන සම්බන්ධව මතභේදාත්මක මාධ්‍ය වාර්තා දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාවේ ආයුර්වේද ස්පා මධ්‍යස්ථාන වලදී පිරිමින් සඳහා සම්බාහනය කිරීමට අවසර ඇත්තේ පිරිමි සම්බාහන ශිල්පීන්ට පමණක් බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.

කාන්තාවන්ට පමණක් කාන්තාවන් සම්බාහනය කිරීමටත් පිරිමින්ට පිරිමින්ට සම්බාහනය කිරීමටත් අවසර දීම ඇතුළු නව රෙගුලාසි හඳුන්වා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව අරුණ පුවත්පත වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් මහාචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන වාර්තාව ප්‍රතික්ෂේප කළේය.

තමන් උපුටා දක්වා ඇති වාර්තාව අසත්‍ය බව සඳහන් කළ ඔහු ආයුර්වේද දෙපාර්තමේන්තුව සිය රෙගුලාසි ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා වීම කණගාටුවට කරුණක් බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *