මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන, මේ වනවිට බන්ධනාගාර ගතව සිටින ආමි සමන්තගේ බිරිඳ හෙරොයින් සමඟ දිවුලපිටිය කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 40 හැවිරිදි මෙම සැකකාරිය සතුව තිබී රුපියල් ලක්ෂ 24 ක මුදල් සහ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 540 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඊසිකෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරතවී ඇති මෙම කාන්තාව සමග ගණුදෙනු කළ සැකකරුවන් සිව්දෙනෙකු මීට මාස එකහමාරකට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා. අදාළ සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි මෙම කාන්තාව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.