ආණ්ඩුව බැඳුම්කර වාර්තාව වසන් කිරීමට කටයුතු කරනවා – ජේ.සී අලවතුවල

බැඳුම්කර වංචාව පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බවට ජනතාවට පොරොන්දු දෙමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව මේ වන විට එම වාර්තාව වසන් කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි.

වැඩිදුරටත් මාධ්‍යට අදහස් දැක්වූ ඔහු,
” මාස දෙකක් දැන් ගත වෙලා, මෙය ක්‍රියාත්මක කරනවා වෙනුවට මුදල් වෙන්කරලා සකස් කළ වාර්තාව දැන් වසන් කරන්න හදනවා. අපි පැහැදිලිව කියනවා ජනතාවට ලබා දුන් පොරොන්දු ඉෂ්ඨ කරන්න.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රජය මොනවාද කළේ? අපේ ආණ්ඩුව දේශපාලන වශයෙන් ඇතැමුන් ආරක්ෂා කරනවා කියලා චෝදනා කළා.
තමන්ගේ ආණ්ඩුවක් ආවාම නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා.
මේ වෙද්දී කී දෙනෙක් අත්අඩංගුවට අරගෙන ද? පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා ද?

ජල බිල්පතට 15 % සහනයක් දෙනවා කිව්වා ගෑස් රුපියල් 100 අඩු කරනවා කිව්වා, ගැබිණි මව්වරුන්ට රු 2000 දෙනවා කියලා දැන් පෝෂණ මල්ලත් නවත්තලා.” යැයි ආණ්ඩුවට චෝදනා කරන ලදි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (16) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *