ආණ්ඩුවක් ලෙස පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා කළ යුතු සහ කළ හැකි සියල්ල ඉටුකරනවා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි

ආණ්ඩුවක් ලෙස පවතින covid-19 තත්ත්වය පාලනය කර ගැනීම සඳහා කළ යුතු සහ කළ හැකි සියල්ල ඉටුකරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

එක්තරා ආයතනයකින් නිකුත් කරන ලද තත්ත්ව වාර්තාවේ දක්වා ඇති පරිදි මෙරට දෛනික කොවිඩ් මරණ විසිදහසක් පමණ වනු ඇතැයි යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප්‍රශ්න කිරීමේ දී පිළිතුරු වශයෙන් සඳහන් කර සිටියේය.

දිනකට මෙරට තුළ 20,000 ක් පමණ මිය යාමේ තත්ත්වයක් පිළිබඳව පැවසීමේ විද්‍යාත්මක පදනම කුමක් ද යන්න පිළිබඳව මේ වන විටත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් අදාළ ආයතනය වෙත ලිඛිතව ප්‍රශ්න කොට ඇති බව ද, කෙසේ වුව ද, එවැනි තත්ත්වයක් ඇති නොවීමට රජය කටයුතු කරන බවත් මෙහි දී ප්‍රකාශ කළේය.

එමෙන්ම, වැදගත් වන්නේ ඉදිරියේ දී වන්නේ කුමක් ද යන්න පිළිබඳව සෙවීමට වඩා මේ මොහොතේ ව්‍යසනය නතර කරගැනීම සඳහා රජයට කළ හැකි සහ කළ යුතු සියල්ල කිරීම සිදු කරනවා ද නැති ද යන්න කාරණය බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *