Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

එකම පවුලේ සිව්දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි,ගැබිනියක් සහ බිළිඳෙකුත් ඒ අතර

එකම පවුලේ සිව්දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි,ගැබිනියක් සහ බිළිඳෙකුත් ඒ අතර

තිස්සමහාරාම, දෙඹරවැව ප්‍රදේශයේ ගැබිනි කාන්තාවන් ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

අදාළ ගැබිනි කාන්තාව මේ වන විට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

ඇයගේ ස්වාමිපුරුෂයාට මෙන්ම නැගණියට ද, නැගණියගේ මාස තුනක් වයසැති බිළිඳාට ද මෙලෙස කොවිඩ් ආසාදනය වී තිබේ.

ඔවුන් පසුගියදා මහරගම ප්‍රදේශයේ සාදයකට සහභාගී ඇති බව වාර්තා වේ.

එම සාදයට සහභාගී වූ 17දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ද හඳුනාගෙන තිබේ.

මීට අමතරව විවාහ මංගල උත්සවයකට සහභාගී වූ දෙනියාය, කොටපොල ප්‍රදේශයේ පුද්ගලයින් 06 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකර ඇති අතර ඉන් එකම පවුලේ 05 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසුවේ,ගැබිනි මව්වරුන් සහ කුඩා දරුවන් නිවෙස්වලින් පිටතට යාම දැඩි ලෙස සීමා කළ යුතු බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *