අවසන් සටනේ කාසියේ වාසිය නවසීලන්තයට

ලෝක කුසලාන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙන ලෝක කුසලාන අවසන් තරගයට ප්‍රබල ඉන්දීය කණ්ඩායම පැරදූ නවසීලන්තයද ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම පැරදූ එංගලන්තයද සුදුසුකම් ලබා ඇති අතර අද තරගයේදී එංගලන්ත කණ්ඩායම ඉයොන් මෝර්ගන් විසින්ද නවසීලන්ත කණ්ඩායම කේන් විලියම්සන් විසින්ද මෙහෙයවනු ලබති.
මෙම අවසන් මහා තරගය දෙපිළටම සුවිශේෂී එකක් වන අතර ඊට හේතුව වනුයේ එංගලන්තය හෝ නවසීලන්තය මීට පෙර ලෝක කුසලානයක් දිනා නොමැති වීමයි.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *