මැදපෙරදිග උණුසුම් වාතාවරණයක් ඇතිවුවත් අවශ්‍යතරම් ඉන්ධන තොග ශ්‍රී ලංකාවේ ඇති බවටත් ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොවන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (11දා) පෙරවරුවේ අම්බලන්තොට ලංගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතරතුරයි.
“මැද පෙරදිග ඇතිවී ඇති උණුසුම්කාරී තත්වය හේතුවෙන් ඉන්ධන හිගයක් අතිවේය යන්න පිළිබදව ප්‍රචාරයක් යාම නිසා ජනතාව කලබලයට පත්වී සිටිනවා. නමුත් ඇතිවෙන්න ඉන්ධන තොග අපසතුව තිබෙන නිසා එසේ කලබල කාරී ත්තවයක් ඇතිකර ගතයුතු නෑ. කිසිඳු මිල වැඩි කිරීමක් ද සිදු වෙන්නේ නෑ” යි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.