යාපනය ගුරුනගර් ප්‍රදේශවල සෝදිසි මෙහෙයුමක්

යාපනය ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නීති විරෝධී කි‍්‍රයාවන් මැඩලීම සඳහා යාපනය ආරක්ෂක අංශ විසින් ගුරුනගර් ඇතුලූ ප‍්‍රදේශ ගණනාවක සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා. නීතිවිරෝධී කි‍්‍රයාවන් සිදු කරන පිරිස් සහ කල්ලි අත්අඩංගුවට ගැනීමද මෙහි එක් අරමුණක්. මීට පෙරද අවස්ථා කිහිපයකදී යාපනය නගරය ඇතුලූ ප‍්‍රදේශ රැසක ආරක්ෂක අංශ විසින් මෙලෙස සෝදිසි මෙහෙයුම් සිදු කළ බවත් වාර්තා වුණු අතර අද දින සිදු කළ මෙම සෝදිසි මෙහෙයුමට යුධ හමුදා නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *