අලුත් සන්ධානයට ශ්‍රීලනිපයේ පිරිසක් එකතු වෙනවා, ඒ වගේම අළුත් ලකුණක් – සුජීව

නව සන්ධානයේ මහලේකම් ධුරය නම් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය අනවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එතුමා,

“නව සන්ධානයේ නායකත්වය, අගමැති අපේක්ෂකත්වය සජිත්ට. එමෙන්ම නාම යෝජනා මණ්ඩලයේ සභාපති බවටත් පත් කළා. මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර පත්කළා. එයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියම අවශ්‍ය නෑ. මන්ත්‍රීවරු කියන්නේ මහජනතාවගේ නියෝජිතයොනේ. ඒ වගේම අලුත් සන්ධානයක් අපි හදනවා. ශ්‍රී.ල.නි.ප. පිරිසක් එයට එකතු වෙනවා. සන්ධානයේ නම සහ ලකුණ ගැන අපි තව ටික දවසකින් තීරණයක් දෙනවා. අළුත්ම ලකුණකින් එනවා“ යැයි වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *