අමාත්‍ය පාඨලීගේ රියදුරුගෙන් මහේස්ත්‍රාත් නිල කාමරයේදී ප්‍රශ්න කෙරේ

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත කුමාර යන අයගෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා අද (22) පෞද්ගලිකව ප්‍රශ්න කළා. මෙම ප්‍රශ්න කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නිල කාමරයේදී විනාඩි 10කට ආසන්න කාලයක් පැවති බවටයි වාර්තා වන්නේ.

පාඨලී චම්පික මහතාට චෝදනා එල්ල වී ඇති රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අධිකරණයට රහස්‍ය ප්‍රකාශයක් ලබා දීමට බලාපොරොත්තුවන බව දිලුම් තුසිත කුමාර නැමැත්තා මීට පෙර ප්‍රකාශ කළ අතර මෙම රහස්‍ය ප්‍රකාශය ස්වෙච්චාවෙන්ම සිදු කරන්නක්දැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලාද සිල්වා අද ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙන බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ. ඒ අනුව ඉදිරි දිනකදී දිලුම් තුසිත කුමාර නැමැත්තා සිය රහස්‍ය ප්‍රකාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබා දීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.