ආන්දෝලනාත්මක බැඳුම්කර ගණුදෙනුවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

බැඳුම්කර ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කෙරුණු වෝහාරික විගණන වාර්තාව අද (22) පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණි. ඒ කථානායකවරයා ඊයේ කළ යෝජනාව අනුවයි. කෙසේ වෙතත් තමන්ට ලැබීමට සලස්වා ඇත්තේ සම්පූර්ණ වාර්තාව නොවන බවට විපක්ෂයේ මන්ත්‍රිවරු අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

මෙම වෝහාරික විගණන වාර්තාව කෝප් කමිටුව වෙත ලබා දී තිබුණද පසුගිය දෙසැම්බර් 02 වැනිදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් එය සභාගත කිරීමට නොහැකි වුණි. අනතුරුව 8 වැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සැසිවාරය ජනවාරි 3 වැනිදා ආරම්භ වීමත් සමග එම වාර්තාව සභාගත කරන ලෙසට විපක්ෂයේ මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *