අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු දූත පිරිස ජිනීවා බලා පිටත්ව යති

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වීම සදහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිස අද (25) අළුයම දිවයිනෙන් පිටත්ව ගියහ.

ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාවට ශ්‍රී ලංකාව දැක්වූ සම අනුග්‍රාහකත්වය ඉවත්වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය පිළිබඳව ඔවුන් විසින් මානව හිමිකම් කොමිෂමට දැනුම් දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *