Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද ජිනීවා සමුළුව අමතයි

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද ජිනීවා සමුළුව අමතයි

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සමුළුව ඇමතීමට නියමිතයි. ඒ අනුව එම යෝජනාවලියේ ඇතුලත් 30/1 සහ 40/1 යන යෝජනාවලින් ශී‍්‍ර ලංකාව ඉවත්වන බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිල වෙත නිල වශයෙන් දැනුම් දෙනු ඇත.

ඒ සදහා නව යෝජනා 05ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමටද ශී‍්‍ර ලංකාව සූදානම් වේ.

ආන්දෝළනාත්මක 30/1 ඇතුලූ යෝජනාවලින් ශී‍්‍ර ලංකාව ඉවත් වීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එහි නියෝජිත ආයතනත් සමග අඛණ්ඩව කටයුතු කරමින් දේශීය ප‍්‍රතිපත්තිවලට අනුකූලව ඔවුන්ගෙන් අවශ්‍ය පරිදි සහය ලබා ගැනීම ද ඉන් එක් යෝජනාවක්.

දේශීයව නිර්මාණය කරනු ලැබ කි‍්‍රයාත්මක කෙරෙන සංහිදියා හා වගවීමේ යාන්ත‍්‍රණයක් මගින් තිරසර සාමය ළඟා කර ගැනීමට රජයේ ඇති කැපවීම ප‍්‍රකාශයට පත් කිරීම ද එම යෝජනා අතර වනවා.

ශී‍්‍ර ලංකාව සතු බැඳීම්වලට ගැළපෙන පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ නෛතික යාන්ත‍්‍රණ මගින් මෙතෙක් නොවිසිදුනු ගැටලූ විසදාලීම සහ එක්සත් ජාතීන්ගේ සමාජික රටවල සහයෝගයද ඇතිව ආන්දෝළානාත්මක යෝජනා සම්මුතිය අවසන් කිරීම සෙසු යෝජනා වනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැච්ලේ ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් අදහස් දැක්වීමට නියමිතයි. ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ වනු ඇතැයි විශ්වාසය පල වනවා. විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හෙට (27) දිනයේදී නැවත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් ඊට ප‍්‍රතිචාර දක්වනු ඇති බවයි වාර්තා වුණේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය පෞද්ගලිකව මුණ ගැසීමටද විදේශ සබඳතා අමාත්‍යවරයා සැලසුම් කර තිබෙනවා. මෙම හමුව අනිද්දා (28) සිදුවනු ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යංශය පැවසුවේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *