අභියෝග කළොත් භික්ෂූන් ඡන්දය ඉල්ලනවා

නව ජාතික ව්‍යාපාරයකට හෙට සිට නායකත්වය දීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

රාජගිරියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

“මම වසර 15ක් පාර්ලිමේන්තුවේ ඡන්දය ඉල්ලනවද නැද්ද කියන එක වැදගත් නැහැ දේශපාලනය කියන්නේ පාර්ලිමේන්තු යන එක නෙවෙයි.

රට වෙනුවෙන් කළ යුතු බලපෑම කරනවා. පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තුවක් නැහැ. මේ කරුණු ඉටුකළ යුතුයි. පැය 24ක් දෙනවා පොහොට්ටුවට. මද්‍රසා පාසල් ගැන ස්ථාවරය කියන්න. කාති උසාවි වහනවද නැද්ද?

මිනිස්සු රවට්ටන්න දෙන්නේ නැහැ. අභියෝග කළොත් භික්ෂූන් ඡන්දය ඉල්ලනවා. උපදේශන මට්ටමේ සේවයක් කරන්න හිටියේ ඒ අය විවිධ දේ කිව්වා. පාර්ලිමේන්තු යෑම වැදගත් නැහැ. දේශපාලනයට එය අවශ්‍ය නැහැ. නව ජාතික ව්‍යාපාරයකට නායකත්වය දෙනවා. අපිව පැත්තක තියන්න අමාරුයි“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *