විජිතමුණි සොයිසා ශ්‍රීලනිපයෙන් නෙරපයි

විනය කඩකිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වූ හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා සහ තවත් ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් පක්‍ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යමකාරක සභාව ඊයේ (12) තීරණය කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ එම පක්‍ෂයේ මධ්‍යමකාරක සභාව විසින් මෙම තීරණය ගත් බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ මෙම රැස්වීම පැවැත්විණි.

1 Comment

  1. Oya manussaya deshapaalane inna sudusuma ne. Depita kaattu panuvek. Hathara athata nevena made hitavapu innak. Vaasi athata hoyyaa. Mahinda peradunu velaave appachchi malo kiyala mahindage passen minissu yanna patan aran Nugegoda mahinda sulangin passe baya velaa mahindage peththata kathaa kalaa. E depita kaatu kama eeta passeth keepa vathaavak pennuvaa.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *