හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී රණවිරු සමරුවක් පැවැත්වීමට උත්සාහ දැරීමත් සමඟ එම පිරිස අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
එම ස්ථානයේ තවත් උත්සවයක් සංවිධානය කරන බව පවසමින් වීරවංශ ප්රමුඛ පිරිස එම පරිශ්රයට ඇතුළුවීම පොලිසිය විසින් වළක්වාලීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.
වීරන්වංශ පොලිසියට මුහුණ දෙමින් බලහත්කාරයෙන් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කරන විට ඔහු පෙරළී බිම ඇද වැටුණි.
“මේක පොදු තැනක්. ඕන කෙනෙකුට මෙතනට ඇතුළු වෙලා රණවිරුවන් අනුස්මරණය කරන්න පුළුවන්. අපි ගිය අවුරුද්දෙත් ඒ වෙලාවටම තමයි ආවේ. ඇයි මේ පාර ඉඩ දෙන්නේ නැත්තේ?” ඔහු ඇසුවේය.
කෙසේ වෙතත්, පසුව එම පිරිස ස්මාරකය අසල දොරටුව අසලදී පුෂ්පෝපහාර දැක්වීය.


