GM සහ හොන්ඩා සුක්කානම් හෝ පෙඩල් නොමැති ස්වයං-රිය එළිදක්වයි

වසර 160 කට වැඩි පළපුරුද්දක් ඇති මෝටර් රථ නිෂ්පාදකයින් වන GM සහ හොන්ඩා සමාගම් එකතුව නව ස්වයං-රියදුරු වාහනයක් “ඔරිජින්” නමින් එළිදක්වා තිබෙනවා.

සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය මෙම ආසන හයක විදුලි වාහනයට සුක්කානම් රෝදයක්, තිරිංග හෝ ඇක්සලරේටර් පෙඩල්, වින්ඩ්ෂීල්ඩ් වයිපර් හෝ පසුපස දර්ශන දර්පණයක් නොමැත අතර සාමාන්‍ය මෝටර් රථයක් මෙන් පැහැදිලි ඉදිරිපසක් හෝ පසුපසම් නොමැත.

ගනුදෙනුකරුවන්ට ‘ඔරිජින්’ රථ මිලදී ගැනීමට නොහැකි වනු ඇතියි වාර්තාවන අතර හොන්ඩා සමාගම විසින් ආයෝජනය කර ඇති GM හි ස්වයං-රියදුරු අනුබද්ධ සමාගමක් වන ‘Cruise’ නම් රයිඩ් ෂෙයාර් කිරීමේ මෘදුකාංගයක් හරහා ඔවුනට මෙම රථ වලින් ගමන් කළ හැකි වන බව සමාගම් පවසයි.

‘Cruise’ මෘදුකාංගය Uber සහ Lyft භාවිතා කිරීමට සමාන වන අතර තමන්ට අවශ්‍ය ගමනාන්තයට වාහනයක් ගෙන්වා ගැනීම මෘදුකාංගය මගින් සිදුකරගත යුතු අතර එය පැමිණි පසු, ගනුදෙනුකරුවන් වාහනයෙන් පිටත යතුරු පෑඩයක කේතයක් ඇතුළත් කිරීමෙන් වාහනය තුලට ප්‍රවේශ විය හැක. මෝටර් රථයට ප්‍රවේශවූ පසු, ගමන ආරම්භ කිරීමට හෝ අවසන් කිරීමට පහසුකම් සලසා තිබේ.

යමෙකු වාහනයට ඇතුළු වී හෝ පිටවී ඇත්දැයි හඳුනා ගැනීමට බර සහ ආසන පටි හඳුනාගැනීමේ සංවේදක භාවිතා කර ඇති අතර සාම්ප්‍රදායික මෝටර් රථයක ඇති අංග ඉවත් කිරීමෙන් මගීන්ට වැඩි ඉඩක් ලබා ගැනීමට හැකි වූ බව නිශ්පාදකයන් පවසයි.උදාහරණයක් ලෙස මෙම වාහනය සදහා යොදා ඇති නවතම ලිස්සන දොරවල් සාමාන්‍ය වාහනයකට වඩා පුළුල් වන අතර දෙදෙනෙකුට එකවර ඇතුළුවීමට හෝ පිටවීමට ඉඩක් ඇත.

මෙම නව වාහනය සැලසුම් කර ඇත්තේ නගර වීදිවල සහ අධිවේගී මාර්ගයේ ධාවනයට සුදුසු අයුරෙන් වන අතර නිශ්පාදකයන් පවසන්නේ එක ආරොපණයකින් පැය 18ක් ධාවනය වන මෙම වාහනය පාරිසරික ප්‍රතිලාභ ගෙනෙන, තදබදය සහිත නගර අවහිර කිරීම සහ මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කළ හැකි නව සොයා ගැනීමක් ලෙස හැදින්විය හැකි බවයි.

කෙසේ නමුත් මේ දක්වා එහි සැලසුම් වලට අනුකූලව නිශ්පාදන කටයුතු කිරීමට සමාගම් සමත් වී නොමැති අතර මීට පෙර 2017 වර්ෂයේදී නිවේදනය කලේ 2019 වසර අග වන විට මෙම රථ විශාල වශයෙන් නිශ්පාදන කිරීමට බලාපොරොත්තු වන බවත් 2017 වර්ශයේදීම නිව්යෝර්ක් නගරයේ ස්වයං-රිය පැදවීමේ වාහන අත්හදා බැලීම් අවසන් කරන බවත්ය. නමුත් මේ දක්වාම මෙම කිසිම ඉලක්කයක් සපුරාගැනීමට හැකිවී නොමැත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *