සූර්ය බල ව්‍යාපෘති 14කට විදුලිබල අමාත්‍යාංශයේ අනුමැතිය

මෙගවොට් 96ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වන සූර්ය බල ව්‍යාපෘති 14කට විදුලිබල අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බැවින්, එය කඩිනමින් ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයේ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ගල් අගුරු බලාගාර හා ඉන්ධන යොදාගන්නා විදුලිබලාගාර ව්‍යාපාති සම්බන්ධව විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කර තිබෙන විරෝධතා පිළිඹද සලකා බලා, ඒ සම්බන්ධව සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීම තමන්ගේ බලාපොරොත්තු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

2017 වසරට සාපේක්ෂව 2018 වසරේ වහල මත ස්ථාපනය කරන සුර්ය බල කට්ටල භාවිතය 51%කින් ඉහළ ගොස් ඇති බැවින් ඒ සදහා ප්‍රමුඛත්වය දක්වන ලෙසත්, සුර්ය බල ශක්තිය යොදා ගනිමින් සිදුකරන විදුලිය උත්පාදන ව්‍යාපෘති රටට ඉතාමත් හිතකර හා වැඩදායක බවත් අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *