Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්ඉන්දියාවේ දෙවැනි පරම්පරාවේ ‘NVS-03’ යාත්‍රා උපකාරක චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේ“රජයේ ගිවිසුම් අංකය නැති ලිහිසි තෙල් ගන්න එපා”: අනවසර ලිහිසි තෙල් තොග පිටින් අල්ලද්දී පාරිභෝගික අධිකාරියෙන් අවවාදයක්බැංකු පොලිය, වාහන, වෘත්තිකයන් සහ ඩිජිටල් සේවා බදු: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිරකළ බදු ප්‍රතිපත්ති ගැන මානව හිමිකම් කේන්ද්‍රයෙන් විශේෂ ප්‍රකාශයක්වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්
ප්‍රවෘත්ති

අද වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් 47 දෙනෙකු පිළිඹද තොරතුරු

අද වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් 47 දෙනෙකු පිළිඹද තොරතුරු

අද දිනය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 48ක්.

එම රෝගීන් අතර වැලිසර නාවික හමුදා කඳවුරේ හමුදා නිලධාරීන් 30 දෙනෙකුත්, බණ්ඩාරනායක මාවතේ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 11 දෙනෙකුත්, එමෙන්ම නිවාඩු ලබා සිටි නාවික හමුදා සාමාජිකයින් 05 දෙනෙකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.

නිවාඩු ලබා සිටි නාවික හමුදා නිලධාරීන් 5 දෙනා රත්නපුර, කුරුණැගල, බදුල්ල සහ මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් බවට වාර්තා වේ.

අනෙක් රෝගියා මරදාන ප්‍රදේශයේ පදිංචි ගර්භණී කාන්තාවක් වන බවත්, අද පස්වරුවේ ඇගේ බිළිඳා මිය ගොස් ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

මෙම රෝගීන් වාර්තා වීමත් සමගම මෙරට සමස්ත කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 416 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ඉන් පුද්ගලයින් 109 දෙනෙකු මේ වන විට සම්පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 300 ක් වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *