කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්තවීම මැඩපැවැත්වීම සඳහා මෙරටට ගුවන් යානා ගොඩබෑම අද (18) සිට නතර කිරීමට තීරණය කර ඇත. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 සිට සති 2 ක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව සඳහන් වෙයි.
කෙසේවෙතත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සාමාන්‍ය පරිදි මෙරටට පැමිණෙනු ඇති. එමෙන්ම මෙරටින් මගීන්ට පිටවීම සහ අතරමැදි ගුවන් මගී හුවමාරු කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුවන බව සඳහන්.