අද උදෑසන 06න් නිමා වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 187 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් වැඩිම පිරිසක් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථාන 12ක සිදුකළ සෝදිසිවල දී නිරෝධායන නීති උල්ලංඝනය කර රථවාහනවල ගමන් ගත් පුද්ගලයන් 250 දෙනෙකුට අවවාද කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.