නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 215 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා එවැනි පුද්ගලයින් 4,857ක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය.
මේ අතර, සෞඛ්‍ය නිර්දේශ පිළිනොපඳිමින් ඇතැම් ස්ථානවල මත්පැන් සාද පවත්වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි පුද්ගලයින්ට නිරෝධායන නීති මෙන්ම රටේ අපරාධ නීතිය යටතේ ද ක්‍රියා කරන බව ද පැවසීය.