අතුරුදන් වූවන් වෙනුවෙන් යුක්තිය සොයන දෙමළ මව්වරුන්ගේ දිගු ගමන ගැන ජාත්‍යන්තර සමුළුව යාපනයේදී ඇරඹෙයි

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් සත්‍යය, යුක්තිය සහ වගවීම ඉල්ලා දෙමළ මව්වරුන් ගෙන යන අරගලය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ඊයේ (30) ඉරිදා යාපනයේදී ආරම්භ විය.

“The Long Road to Justice” හෙවත් “යුක්තිය කරා දිගු ගමන” ලෙස නම් කර ඇති මෙම ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බලහත්කාරයෙන් හෝ කැමැත්තකින් තොරව සිදුකරන අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකාවක් සහ ස්වාධීන විශේෂඥවරියක වන ඇනා ලොරේනා ඩෙල්ගඩිලෝ සහභාගී වෙයි.

සමුළුවේදී අතුරුදන් වූ සිය ආදරණීයයන් පිළිබඳ සත්‍යය හෙළි කර ගැනීම, යුක්තිය ඉටු කරවා ගැනීම සහ වගවීම තහවුරු කිරීම සඳහා දෙමළ මව්වරුන් විසින් වසර ගණනාවක් පුරා ගෙන යන අරගලය පිළිබඳ අවධානය යොමු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *