ගාල්ල ජාතික රෝහලට ඉන්දියාවෙන් ජල පිරිපහදු ඒකක 10ක්

ඉන්දියානු ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස ඉන්දියාව විසින් ගාල්ල ජාතික රෝහල වෙත ජල පිරිපහදු ඒකක 10ක් පරිත්‍යාග කර තිබේ.

මෙම ජල පිරිපහදු ඒකක අගෝස්තු 29 වැනිදා ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් මෛත්‍රේය කුල්කර්නි සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිං විසින් ගාල්ල ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

රෝහල් පරිශ්‍රය තුළ හඳුනාගත් ස්ථාන කිහිපයක මෙම ජල පිරිපහදු ඒකක ස්ථාපනය කිරීමට නියමිතය.

ඉන් පළමු ජල පිරිපහදු ඒකකය රෝහලේ ප්‍රධාන පිවිසුම ආසන්නයේ ස්ථාපනය කර ඇති අතර, එයද එදින නිල වශයෙන් විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට එක්වූ ඉන්දීය දූත පිරිස රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) සහ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය (ETC) ඇතුළු හදිසි ප්‍රතිකාර පහසුකම්ද නිරීක්ෂණය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *