ඉන්දියාවේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡා අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.
රාෂ්ට්‍රපතිභවන්හිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චරිත්‍රානුකූලව පිලිගැනිමට නියමිත අතර පසුව හයිද්‍රාබාද් හිදී දෙරටේ රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.
අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා හමුවීමට ද නියමිතව තිබේ.
අග්‍රාමාත්‍යවරයා ඊයේ (07) දිනයේ ඉන්දිය සංචාරය ආරම්භ කළ අතර ලබන11 වනදා දක්වා එහි රැදී සිටිමට නියමිතයි.