අගරදගුරුතුමන් පාස්කු ප්‍රහාරය ගැන සාක්කි දෙයි

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද(06) දහවල් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පැය 4ක් සාක්ෂි ලබාදුන්නේය.

අගරදගුරුතුමන් හෙට (07) දිනයේත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතය.

සාක්ෂි ලබාදීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුව අද පස්වරුවේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණියේය.

කාදිනල් හිමිපාණන් ප්‍රකාශ ලබාදුන්නද එය මාධ්‍යයට විවෘත වූයේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *