බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට දඩයක්

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී .ඊ හිතවාදීන් පිරිසක් සිදුකළ විරෝධතාවකදී හස්ත සංඥාවක් කළ සිද්ධියට එරෙහිව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට ස්ටර්ලින් පවුම් 2400ක දඩයක් පැනවීමට ලන්ඩන්හි වෙස්මිනිස්ටර් අධිකරණය නියෝග කර ඇත.
මේ සම්බන්ධයෙන් බොහෝ සෙයින් සමාජ මාධ්‍යවල කතා බහට ලක්වු අතර බ්‍රිගේඩියර්වරයා කොටි ත්‍රස්තවාදීන්ට සහාය දෙන එම ඩයස්පෝරා සාමාජිකයන්ට එරෙහිව සිදුකළ එම ක්‍රියාව හේතුවෙන් ඔහු ශ්‍රී ලාංකිකයන් තුළ වීරයකු බවට පත්විය.
නමුත් කොටි හිතවාදීන් වෙනුවෙන් පෙනී සිටින බ්‍රිතාන්‍යයේ ඇතැම් පිරිස් ඊට විරුද්ධව ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම අධිකරණමය ක්‍රියාමාර්ග ගැනිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *