ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී සිදුවුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී දෙපාර්ශවය අතර ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වූ බවයි.
එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය විදේශ කටයුතු පිළිඹද අමාත්‍ය සුබ්‍රමනියම් ජයසංකර් මහතාද ඊයේ හමුවුණා. ඉන්දීය අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල තත්වය පිළිඹද එහිදී සාකච්ඡාවට ලක්වී ඇති අතර දෙරටේ ධීවර ජනතාවට සුබවාදී ප්‍රායෝගික විසඳුමක් ලබා දීමට ද දෙපාර්ශවය අතර පැවති මෙම සාකච්ඡාවලදී එකඟතාව පළවී ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයේ ඡායාරූප කිහිපයක්