මැණික්හින්න කැබ් රථ අනතුරෙන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට

මහනුවර මැණික්හින්න මල්පාත ප්‍රදේශයේදී ඊයේ (08) සිදුවූ රියඅනතුරකින් සිව්දෙනෙකු මියගොස් තිබේ. දිගන සිට මැණික්හින්න දෙසට යමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ කොන්ක්‍රීට් ගල්ගොඩක ගැටී මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරින් මියගිය සිවුදෙනාගේ සිරුරු මැණික්හින්න රෝහලේ තැන්පත් කර ඇත. ඔවුන් දිගන ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයින් සිවුදෙනෙකු බව මැනික්හින්න පොලිසිය සඳහන් කරයි.

(ඡායාරූප: Accident 1st මගින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *