LK reports news sinhala

අගමැතිගේ සාකච්ඡාවට නොඑන බව ජවිපෙ දන්වයි

ලබන මැයි මස 4 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැදවා ඇති සාකච්ඡාව සඳහා තම මන්ත්‍රී කණ්ඩායම සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පවතින තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා අග්‍රාමාත්‍යවරයා විසින් එළඹෙන සදුදා දිනයේ අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් කැදවා ඇති අතර ඊට සහභාගී වන ලෙස අවසන් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට මේ වන විටත් දන්වා යවා තිබේ.

අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යොමු කරන ලද ලිපිය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *