අකිල පක්ෂ මහලේකම් ධූරයෙන් අස්වීමට තීරණය කරයි

Share this Article

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් තමන් ඉල්ලා අස්විමට තීරණය කළ බවත් , එම තීරණය කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට දැනුම් දීමට නියමිතව තිබුණත් එම රැස්වීම සඳහා කණ්ඩායමක් නොපැමිණි නිසා එය දැනුම් දීමට නොහැකි වූ බවත් අකිල විරාජ් කාරියවසම් මහතා අද(4) පැවැසීය. ඔහු මේ බව පැවසුවේ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

තමා මෙම තිරණය ගත්තේ පක්ෂයේ සමගිය වෙනුවෙන් බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදී ඕනෑම කැපකිරීමක් කිරිමට සූදානම් බවද ඔහු කියා සිටියේය. එමෙන්ම අලියා හැර වෙනත් ලකුණු වලින් තරඟ කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.


Share this Article

Leave a Reply

Your email address will not be published.